ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?
ගීතාවලිය 139:16 - Sinhala Revised Old Version ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. Sinhala New Revised Version මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි. Sinhala New Revised Version 2018 මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි. |
ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?
එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.
මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.