ගීතාවලිය 119:70 - Sinhala Revised Old Version ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය; නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. Sinhala New Revised Version ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. Sinhala New Revised Version 2018 ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. |
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.
මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසද, කන්වලින් නොඅසන පිණිසද, සිතින් තේරුම්ගෙන නොහැරෙන පිණිසද, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසද, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔව්හු තමුන්ගේ ඇස් පියාගන සිටිතියි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ පියවරුන්ට මනාකොට කියෙවු වාක්‍යයය.