ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 119:61 - Sinhala Revised Old Version

දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 119:61
12 හුවමාරු යොමු  

ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.


නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.


දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය; එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි.


උඩඟු අය මට මලපතක් තබා රැහැන් ඇද්දෝය; ඔව්හු මග අසබඩ දැලක් එළා, මට මලපත් තැබූය.


ස්වාමිනි, මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩිවූද! මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය.


ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.


කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ.