මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
ගීතාවලිය 119:168 - Sinhala Revised Old Version මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි; මක්නිසාද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය. Sinhala New Revised Version මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය. Sinhala New Revised Version 2018 මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය. |
මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.
ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.