මම ඔබට අඬගැසීමි; මා ගැළෙවුව මැනව, එවිට ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.
මම ඔබට අඬගැසීමි; මා මුදාලුව මැනව. එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.
මනුෂ්‍යයාගේ බලාත්කාරයෙන් මා මිදුව මැනව. එවිට ඔබගේ නියෝග පවත්වන්නෙමි.
උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.
උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.