තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි.
ගීතාවලිය 119:114 - Sinhala Revised Old Version ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. Sinhala New Revised Version ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. Sinhala New Revised Version 2018 ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. |
තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි.
ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි.
මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.