මම දූවිල්ල කෙරෙන් නුඹ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් නුඹ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්,
ගීතාවලිය 113:7 - Sinhala Revised Old Version අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස Sinhala New Revised Version එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක. |
මම දූවිල්ල කෙරෙන් නුඹ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් නුඹ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්,
එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.
මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ; මාගේ දිවද තල්ලේ ඇලෙයි; ඔබ මා මරණ ධූලියට ගෙනාසේක.
ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.
ඉශ්‍රායෙල්වරුන්ගේ රජතුමා කා පස්සේ පිටත්ව ආවේද? ඔබ කා පස්සේ එළවාගෙන එනවාද? මළ බල්ලෙක් පස්සේය, බලුමැක්කෙක් පස්සේය.