Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 24:14 - Sinhala Revised Old Version

14 ඉශ්‍රායෙල්වරුන්ගේ රජතුමා කා පස්සේ පිටත්ව ආවේද? ඔබ කා පස්සේ එළවාගෙන එනවාද? මළ බල්ලෙක් පස්සේය, බලුමැක්කෙක් පස්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 24:14
9 හුවමාරු යොමු  

නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිටින් දුරුව මාගේ ලේ බිම නොවැටේවා. මක්නිසාද යමෙක් කඳුවල වටුවෙකු පස්සේ එළවාගන යන්නාක්මෙන් ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ බලු මැක්කෙක් සොයන්ට පිටතට ආවෝයයි කීවේය.


ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය.


පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.


ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල්: දැන් ඉශ්‍රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ නුඹ නොවේද? නැගිට කෑම කා නුඹේ සිත ප්‍රීතිකරගන්න. මම යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත නුඹට දෙන්නෙමියි ඔහුට කීවාය.


එවිට ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට කථාකොට: අර මළ බල්ලා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මක්නිසාද? ගොස් ඔහුගේ හිස කපාදමන්ට මට අවසර ලැබේවයි කීවේය.


එවිට අබ්නේර් ඊෂ්-බොෂෙත්ගේ වචන ගැන ඉතා කෝපවී: මම යූදාට අයිති බලු හිසක්ද? මම දාවිත් අතට නුඹ අසුකරනොදී, අද දක්වා නුඹේ පියවූ සාවුල්ගේ වංශයටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්වමි, එහෙත් අද නුඹ මේ ස්ත්‍රිය ගැන මා කෙරෙහි වරද පමුණුවයි.


දාවිත්ද තමාගේ ගෙයි වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරීගියේය. සාවුල්ගේ දූවූ මීඛල් දාවිත්ගේ පෙරමගට අවුත් කථාකොට: කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය.


නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්