ගීතාවලිය 111:8 - Sinhala Revised Old Version ඒවා නිතරම සදාකාලයටම පිහිටුවා තිබේ, ඒවා සැබෑකමෙන් හා අවංකකමින් කරන ලද්දේය. Sinhala New Revised Version ඒවා සදහට ම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය. Sinhala New Revised Version 2018 ඒවා සදහට ම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය. |
ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.
සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.
එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.
ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.