ගීතාවලිය 105:27 - Sinhala Revised Old Version ඔව්හු ඔවුන් අතරේ උන්වහන්සේගේ ලකුණුද හාම්ගේ දේශයෙහි ආශ්චර්යයන්ද කළෝය. Sinhala New Revised Version ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය; මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය; මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය. |
උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක; ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය.
දෙවියන්වහන්සේ කථාකොට–ඔව්හු යම් ජාතියකට වහල්වන්නෝද ඒ ජාතිය විනිශ්චයකරන්නෙමි. ඉන්පසු ඔව්හු පිටත්ව ඇවිත් මේ ස්ථානයෙහි මට මෙහෙකරන්නෝයයි කීසේක.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.
නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?