එසේය, මාගේ කෑම මෙන් මාගේ සුසුම්ලෑම පැමිණෙන්නේය, මාගේ කෙඳිරිගෑමද වතුර මෙන් වැගිරෙන්නේය.
ගීතාවලිය 102:9 - Sinhala Revised Old Version ඔබගේ කෝපය හා උදහස නිසා ආහාර මෙන් අළු අනුභවකෙළෙමි, Sinhala New Revised Version මාගේ කෑම අළු ය; මාගේ බීම කඳුළින් මුසු ය. Sinhala New Revised Version 2018 මාගේ කෑම අළු ය; මාගේ බීම කඳුළින් මුසු ය. |
එසේය, මාගේ කෑම මෙන් මාගේ සුසුම්ලෑම පැමිණෙන්නේය, මාගේ කෙඳිරිගෑමද වතුර මෙන් වැගිරෙන්නේය.
එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.
නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.
ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.
ඔව්හු සර්පයෙකු මෙන් දූවිල්ල ලෙවකන්නෝය; පොළොවේ බඩගායන සතුන් මෙන් ඔව්හු තමුන්ගේ බලකොටුවල සිට වෙවුලමින් නික්ම එන්නෝය. ඔව්හු අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට භයෙන් යුක්තව පැමිණෙන්නෝය, නුඹ නිසාද භයවෙනවා ඇත.