නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය.
ගලාති 5:26 - Sinhala Revised Old Version නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු. Sinhala New Revised Version නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු. සිංහල කාලීන පරිවර්තනය තවද කුඩුකේඩුකමින් යුතුව එකිනෙකා කුපිත කරවන පුහු අහංකාරීන් බවට පත් නො වෙමු. Sinhala New Revised Version 2018 නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු. |
නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය.
එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.
පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය.
නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.
එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.