නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.
ගලාති 1:23 - Sinhala Revised Old Version වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය. Sinhala New Revised Version ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්‍රවෘත්තිය පමණකි. සිංහල කාලීන පරිවර්තනය “කලින් අපට හිංසා කළ මිනිසා, වැනසීමට තමාම වරක් තැත් කළ ඇදහිල්ල දැන් ඔහුම දේශනා කරයි” යන පුවත ඔවුන් අසා තිබුණා පමණි. Sinhala New Revised Version 2018 ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්‍රවෘත්තිය පමණකි. |
නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.
තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.
එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.
ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.
ඒ ඇසූ සියල්ලෝ විස්මිතව: මෙම නාමයට යාච්ඤාකරන්නන් යෙරුසලමේදී නාස්තිකළ තැනැත්තේ මොහු නොවේද? මොහු මෙහි ආවෙත් ඔවුන් බැඳගන නායක පූජකයන් ඉදිරිපිටට ගෙන යන අදහස පිටයයි කීවෝය.
ඔහු යෙරුසලමට පැමිණියේ, ගෝලයන්ට එක්වෙන්ට උත්සාහකළේය. නුමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ.
එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.