Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 1:23 - සිංහල කාලීන පරිවර්තනය

23 “කලින් අපට හිංසා කළ මිනිසා, වැනසීමට තමාම වරක් තැත් කළ ඇදහිල්ල දැන් ඔහුම දේශනා කරයි” යන පුවත ඔවුන් අසා තිබුණා පමණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්‍රවෘත්තිය පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්‍රවෘත්තිය පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 1:23
9 හුවමාරු යොමු  

අනනියස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබගේ ශුද්ධවතුන්ට යෙරුසලමේදී මේ මිනිසා කළ වින්නැහිය ගැන බොහෝ දෙනකුගෙන් මා අසා තියෙනවා.


කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය.


යෙරුසලමට පැමිණි සාවුල් එහි ගෝලයින් සමඟ එක් වන්නට උත්සාහ ගත්තේ ය. එහෙත් ඔහු සැබෑ ලෙසම ගෝලයෙකැයි විශ්වාස නො කළ ඔවුහු ඔහු ගැන බය වූහ.


මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.


ඔහු එලෙස කතා කරනු ඇසූ සියල්ලෝ මවිත වී, “මේ නාමයට හඬගසන්නන්ට යෙරුසලමේදී මහ විනාශයක් කළේ මේ මිනිහා නො වේ ද? මොහු මෙහි ආවේත්, ඔවුන් සිරබාරයට ගෙන, නායක පූජකයින් වෙත ගෙන යෑමට නො වේ දැ?” යි ඇසූහ.


තැන තැන යමින් යකැදුරුකම් කළ යුදෙව්වන් ඇතමෙක්, යක්ෂාත්මාවේශවූවන්ට යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය කියන්නට භාරගෙන, “පාවුල් දේශනා කරන යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුව යන ලෙස මම නුඹට අණ කරමි” යි කියන්නට වන්හ.


එබැවින් අපට ඇති ඉඩ ප්‍රස්ථා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්