ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 9:21 - Sinhala Revised Old Version

සමහරවිට වලාකුළ සවස පටන් උදය දක්වා නැවතී තිබුණේය; උදය වලාකුළ ඔසවනු ලැබූ විට ඔව්හු ගමන්කළෝය. දවාලේ හෝ රාත්‍රියේ හෝ වලාකුළ ඔසවනු ලැබුයේනම් ඔව්හු ගමන්කළෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමහර විට වලාකුළ සවස සිට උදය දක්වා එහි තිබී, උදය කාලයේ දී ඉවත් කරනු ලැබී නම් ඔව්හු යන්නට වූ හ. දවල් කාලයේ හෝ රාත්‍රි කාලයේ හෝ වේ වා, වලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමහර විට වලාකුළ සවස සිට උදය දක්වා එහි තිබී, උදය කාලයේ දී ඉවත් කරනු ලැබී නම් ඔව්හු යන්නට වූ හ. දවල් කාලයේ හෝ රාත්‍රි කාලයේ හෝ වේ වා, වලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 9:21
4 හුවමාරු යොමු  

ඔබ දවල් වලා ටැඹකින්ද ඔවුන් යන මාර්ගයේදී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින්ද ඔවුන් ගෙනගියසේක.


ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.


සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය.


වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය.