Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:20 - Sinhala Revised Old Version

20 සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:20
8 හුවමාරු යොමු  

වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකොට ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.


සමහරවිට වලාකුළ සවස පටන් උදය දක්වා නැවතී තිබුණේය; උදය වලාකුළ ඔසවනු ලැබූ විට ඔව්හු ගමන්කළෝය. දවාලේ හෝ රාත්‍රියේ හෝ වලාකුළ ඔසවනු ලැබුයේනම් ඔව්හු ගමන්කළෝය.


මක්නිසාද මේ දෙවියන්වහන්සේ සදාකල්හිම අපේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මරණය දක්වා අපට මග පෙන්වනසේක.


නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.


නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.


ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය. වලාකුළ මණ්ඩපය පිට නැවතී තිබුණු මුළු කාලයෙහි ඔව්හු තමුන්ගේ කූඩාරම්වල සිටියෝය.


එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය.


මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්