ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
ගණන් කථාව 9:18 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය. වලාකුළ මණ්ඩපය පිට නැවතී තිබුණු මුළු කාලයෙහි ඔව්හු තමුන්ගේ කූඩාරම්වල සිටියෝය. Sinhala New Revised Version මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. Sinhala New Revised Version 2018 මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. |
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකොට ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.
සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය.
මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්,
ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය.