ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 7:2 - Sinhala Revised Old Version

තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 7:2
11 හුවමාරු යොමු  

එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.


ඔහුගේ අධිපතීහුද සෙනඟටත් පූජකයන්ටත් ලෙවීවරුන්ටත් සිය කැමැත්තෙන්ම දුන්නෝය. දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියෝවූ හිල්කියාද සෙකරියාද යෙහියෙල්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් දෙදාස් හසියයකුත් ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝය.


අධිපතීහු ඒඵොද් සැට්ටය උදෙසාත් ළයවැස්ම උදෙසාත් නඛමාණික්‍යද බැඳීමට මැණික්ද;


මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය–


මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් ඒ රන් එනම් සාදාපු සියලු ආභරණ ඔවුන්ගෙන් පිළිගත්තෝය.