ගණන් කථාව 4:31 - Sinhala Revised Old Version සම්මුඛවීමේ කූඩාරමෙහි ඔවුන්ගේ මුළු මෙහෙයේ හැටියට ඔවුන්ට ගෙනයන්ට තිබෙන දේවල භාරය මේය: මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනුද ඒවායේ අඩිද, Sinhala New Revised Version සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව මොවුන්ට පැවරෙන වගකීම් පහත දක්වන ඒවා වනු ඇත. මොවුන් මණ්ඩපයේ ලෑලි ද හරස් ලී ද කණු ද තවු ද Sinhala New Revised Version 2018 සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව මොවුන්ට පැවරෙන වගකීම් පහත දක්වන ඒවා වනු ඇත. මොවුන් මණ්ඩපයේ ලෑලි ද හරස් ලී ද කණු ද තවු ද |
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.