Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:32 - Sinhala Revised Old Version

32 වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:32
12 හුවමාරු යොමු  

පූජකවූ ආරොන්ගේ පුත්‍ර වන ඊතාමාර් අතින් ලෙවීවරුන්ගේ මෙහෙය පිණිස මෝසෙස්ගේ ආඥාව ලෙස මණ්ඩපය එනම් සාක්ෂියේ මණ්ඩපය සඳහා ගණන්ගත් දේවල ගණන මේය.


ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.


තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී,


ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා.


කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.


මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.


සම්මුඛවීමේ කූඩාරමෙහි ඔවුන්ගේ මුළු මෙහෙයේ හැටියට ඔවුන්ට ගෙනයන්ට තිබෙන දේවල භාරය මේය: මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනුද ඒවායේ අඩිද,


පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර්ගේ අත යටතේ සම්මුඛවීමේ කූඩාරම ගැන තිබෙන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වල මුළු වැඩේ හැටියට ඔවුන්ගේ මෙහෙය මේයයි කීසේක.


පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේ සිටි මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ගැල් සතරක්ද ගවයන් අටදෙනෙක්ද දුන්නේය.


මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.


මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;


ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්