ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.
ගණන් කථාව 26:5 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්ගෙන් පැවත ආ හනොක් පවුලය. පල්ලූගෙන් පැවත ආ පල්ලූ පවුලය. Sinhala New Revised Version ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය; Sinhala New Revised Version 2018 ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය; |
ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.
තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.
ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ මොව්හුය. (ඔහු කුලුඳුලාව සිටිය නුමුත් තම පියාගේ යහන කිලුටුකළ නිසා ඔහුගේ කුලුඳුල්කම ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන්නොගන්නා ලද්දේය.
තමන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ මොව්හුය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. මොව්හු රූබෙන්ගේ පෙළපත්ය.
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වශයෙන් නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය.