දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.
ගණන් කථාව 22:31 - Sinhala Revised Old Version ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි. |
දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.
දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.
කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය.
දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, මහෝත්තමයාණන් ගැන දැනගැන්ම ඇත්තාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:
දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:
එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.
ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.
තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.
ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.