Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 24:4 - Sinhala Revised Old Version

4 දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 24:4
20 හුවමාරු යොමු  

මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,


මම ස්වාමීන්වහන්සේගේ දවසේදී ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි.


වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.


ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.


තවද මම යෙරුසලමට නැවත ඇවිත් දේවමාළිගාවෙහි යාච්ඤාකරමින් සිටියදී මූර්ඡාවුණෙමි.


පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති.


ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය.


ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට: උපකාරකිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි; සෙනඟ අතරෙන් තෝරාගත් කෙනෙකු උසස්කෙළෙමි.


ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.


ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය.


දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.


ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.


මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.


එම්බා යාකොබ්, නුඹේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, නුඹේ මණ්ඩප කොපමණ ශෝභනද!


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්