ගණන් කථාව 2:6 - Sinhala Revised Old Version ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හාරදාස් හාරසියයක්ය. Sinhala New Revised Version ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හතරදාස් හාරසියයක් වනු ඇත. Sinhala New Revised Version 2018 ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හතරදාස් හාරසියයක් වනු ඇත. |
ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ඉස්සාඛර්ගේ ගෝත්‍රයය. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල් වන්නේය.
ඊළඟ සාබුලොන්ගේ ගෝත්‍රයය. සාබුලොන්ගේ පුත්‍රයන්ගේ අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ් වන්නේය.