ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:25 - Sinhala Revised Old Version

උතුරු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට දාන්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. දාන්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර් වන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් වනු ඇත.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:25
7 හුවමාරු යොමු  

දාන් ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර්ය.


දාන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය.


ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ හැට දෙදාස් හත්සියයක්ය.


මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.


දසවෙනි දවසේදී අම්මිෂද්දයිගේ පුත්‍රවූ දාන් පුත්‍රයන්ගේ අධිපතියාවූ අහියෙසෙර්ය.


ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ගේ පඬුර මේය.