ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 16:16 - Sinhala Revised Old Version

තවද මෝසෙස් කෝරාට කියනුයේ: නුඹ සහ නුඹේ මුළු සභාවද ආරොන්ද හෙට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෝසෙස් කෝරාට කතා කොට, “හෙට ඔබත්, ඔබගේ මුළු පිරිසත් සමිඳාණන් වහන්සේ ඉදිරියට ආ යුතු ය. ආරොන් ද එහි එනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෝසෙස් කෝරාට කතා කොට, “හෙට ඔබත්, ඔබගේ මුළු පිරිසත් සමිඳාණන් වහන්සේ ඉදිරියට ආ යුතු ය. ආරොන් ද එහි එනු ඇත.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 16:16
8 හුවමාරු යොමු  

තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලාගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය.


ස්වාමීන්වහන්සේ එකෙණෙහිම මෝසෙස් හා ආරොන්ටත් මිරියාම්ටත් කථාකොට: නුඹලා තුන්දෙනා සම්මුඛවීමේ කූඩාරම ළඟට පිටතට එන්නැයි කීසේක. ඔවුන් තුන්දෙනා පිටතට ආවෝය.


මෝසෙස් ඉතා උදහස්ව ස්වාමීන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය.


එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයද ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනෙන්නැයි කීවේය.


මේ දේවල් සිහිකරවමින්, කිසි ප්‍රයෝජනයක් නැතුව, අසන්නන්ට හානිය සිදුවන ලෙස වචන ගැන තරඟ නොකරන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට අණකරන්න.


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


එබැවින් නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් ස්වාමීන්වහන්සේ කළාවූ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා ගැන මා විසින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට මතක්කර දෙන පිණිස නිශ්චලව සිටින්න.