Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 16:9 - Sinhala Revised Old Version

9 තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලාගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:9
5 හුවමාරු යොමු  

තවද මෝසෙස් කෝරාට කියනුයේ: නුඹ සහ නුඹේ මුළු සභාවද ආරොන්ද හෙට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට,


මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය.


උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය.


මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව ගැන කොපමණ කල් ඉවසම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් මට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් ඇසීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්