ගණන් කථාව 11:26 - Sinhala Revised Old Version එහෙත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියෝය, එක්කෙනෙකුගේ නම එල්දාද්ය. අනික් අයගේ නම මේදාද්ය. ආත්මය ඔවුන් කෙරෙහිද පිහිටියේය; ඔව්හු ලියනලද්දවුන්ට ඇතුළත්ව සිටිය නුමුත් කූඩාරම ළඟට නොගියෝය. ඔව්හුද කඳවුරෙහිදී දිව්‍ය වාක්‍ය කීවෝය. Sinhala New Revised Version එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක් කෙනෙකුගේ නම එල්දාද් ය, අනික් තැනැත්තා මේදාද් ය. මොවුහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත්, ආත්මානුභාවය ඔවුන් මත ද පහළ වූයෙන් කඳවුර තුළ ඔව්හු ද දිවැස් වැකි කී හ. Sinhala New Revised Version 2018 එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක් කෙනෙකුගේ නම එල්දාද් ය, අනික් තැනැත්තා මේදාද් ය. මොවුහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත්, ආත්මානුභාවය ඔවුන් මත ද පහළ වූයෙන් කඳවුර තුළ ඔව්හු ද දිවැස් වැකි කී හ. |
එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.
එවිට මෝසෙස්: ඵාරාවෝ වෙතට යන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනඑන්ටත් මම කවුදැයි දෙවියන්වහන්සේට කීය.
එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි.
යෙරෙමියා බාරුක්ට අණකරමින්: මම හිරකරනු ලැබ සිටිමි; ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්විය නොහැක්කෙමි.
තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය.
බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.
එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.
එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.