එවිට යාකොබ් තමාගේ පවුලටත් තමා සමඟ සිටි සියල්ලන්ටත් කථාකොට: නුඹලා අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්‍රවී, නුඹලාගේ වස්ත්‍ර මාරුකරන්න.
ගණන් කථාව 11:18 - Sinhala Revised Old Version නුඹ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට නුඹලා මාංස කන්නහුය. මක්නිසාද නුඹලා: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින් ස්වාමීන්වහන්සේගේ කන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට මාංස දෙනවා ඇත, නුඹලාද කන්නහුය. Sinhala New Revised Version සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත. Sinhala New Revised Version 2018 සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත. |
එවිට යාකොබ් තමාගේ පවුලටත් තමා සමඟ සිටි සියල්ලන්ටත් කථාකොට: නුඹලා අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්‍රවී, නුඹලාගේ වස්ත්‍ර මාරුකරන්න.
ඔහු තමාගේ බඩ පුරවාගන්ට හදන කල, දෙවියන්වහන්සේ තමන් බලවත් උදහස ඔහු පිට හෙළනසේක, ඔහු කෑම කන කල උන්වහන්සේ එය ඔහු පිටට වස්වනසේක.
බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය; රොටිත් දෙන්ට හැකිසේක්ද? ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය.
මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.
ස්වාමීන්වහන්සේ ළඟට එන පූජකයෝද ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහර නොදෙන පිණිස තමන්ම පවිත්‍රකරගනිත්වයි කීසේක.
සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.
නුඹලා අතරේ සිටින ස්වාමීන්වහන්සේ ප්‍රතික්ෂේපකොට: අපි කුමක් නිසා මිසරයෙන් ආවෙමුදැයි කියමින් උන්වහන්සේ ඉදිරියෙහි වැලපුණු බැවින්,
නුඹ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස්වන තෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි හිඳ ශබ්දනගා මහත් හැඬීමකින් හැඬුවෝය.