Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:39 - Sinhala Revised Old Version

39 අපේ පියවරු ඔහුට කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා, තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 “එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 “එහෙත් අපේ පියවරු ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කර, ඔහු පසෙකට කර, තම හදවත් ඊජිප්තුව දෙසට හැරවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 “එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:39
15 හුවමාරු යොමු  

මිසරයෙහිදී අප නොමිලයේ කෑවාවූ මාලුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූනුද සුදුලූනුද අපට මතක්වෙයි.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.


මෙසේ ෂීලෝහිදී ඒලීගේ වංශය ගැන ස්වාමීන්වහන්සේ කී වචනය සම්පූර්ණවෙන ලෙස ස්වාමීන්වහන්සේගේ පූජකකමෙන් සාලමොන් අබියාතර් පහකෙළේය.


ගිලියද්ගේ භාර්යාව ඔහු නිසා පුත්‍රයන් බිහිකළාය; ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩිවයසට පැමිණි කල ඔව්හු යෙප්තාට කථාකොට: නුඹ අන්‍ය ස්ත්‍රියෙකුගේ පුතෙක් බැවින් අපේ පියාණන්ගේ ගෙදර උරුමක්කාරයෙක් නොවන්නෙහිය කියා ඔහු එළවා දැම්මෝය.


සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.


එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.


නුමුත් තමාගේ අසල්වාසියාට අයුක්තිය කළ අය ඔහු නෙරපා: අප කෙරෙහි නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක්ද කොට පත්කළේ කවුද?


කඳවුරේදී ඔව්හු මෝසෙස්ටත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාවූ ආරොන්ටත් ඊර්ෂ්‍යාකළෝය.


ධර්මවාක්‍ය කියන්නන්ගේ ආත්ම ධර්මවාක්‍ය කියන්නන්ට යටත්ව තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්