ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 1:36 - Sinhala Revised Old Version

බෙන්යමින්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 1:36
10 හුවමාරු යොමු  

අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු.


බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය.


බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.


බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය.


මනස්සේගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස්දෙදාස් දෙසියයක්ය.


බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස් පන්දාස් හාරසියයක්ය.


සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මුද්‍රාකරනු ලැබුවෝය.


ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.