ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න.
කොලොස්සි 4:15 - Sinhala Revised Old Version ලවොදිකයෙහි සිටින සහෝදරයන්ටත් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. Sinhala New Revised Version ලවෝදීසයෙහි සිටින සහෝදරයන්ටත්, නිම්පාටත්, ඇගේ ගෙදර රැස් වන සභාවටත් ආචාර කරන්න. සිංහල කාලීන පරිවර්තනය ලවොදිකයෙහි සහෝදරයින්ටත්, නිම්පාටත්, ඇගේ නිවසෙහි රැස්වන සභාවටත් මගේ ආචාරය දන්වන්න. Sinhala New Revised Version 2018 ලවෝදීසයෙහි සිටින සහෝදරයන්ටත්, නිම්පාටත්, ඇගේ ගෙදර රැස් වන සභාවටත් ආචාර කරන්න. |
ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න.
එසේය, නුඹලා උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.
මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි.
මේ ලියුම නුඹලා අතරෙහි කියෙවු පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වන්න; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගන්න.
අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද නුඹේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්: