ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.
ක්‍රියා 8:13 - Sinhala Revised Old Version එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය. Sinhala New Revised Version එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය. සිංහල කාලීන පරිවර්තනය සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසුපස ගිය හෙතෙම, පිලිප් දැක්වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය. Sinhala New Revised Version 2018 එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය. |
ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.
අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;
ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය.
කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: එක් ක්‍රියාවක් කෙළෙමි, ඊට නුඹලා සියල්ලෝම මවිතව සිටිති.
දේවමාළිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය.
මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.