තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
ක්‍රියා 7:56 - Sinhala Revised Old Version බලව, ස්වර්ගය විවරවී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය. Sinhala New Revised Version “අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය “අන්න! ස්වර්ගයේ දොරටු ඇරී තිබේ. මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගෙන සිටිනු මට පෙනේ” යි කීවේ ය. Sinhala New Revised Version 2018 “අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය. |
තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.
යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක;
යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.
උන්වහන්සේ දියෙන් ගොඩනැගුණු කෙණෙහිම අහස විවරවී, ආත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිටට බැස එනවා දුටුසේක.
තවද සියලු සෙනඟ බව්තීස්මය ලැබූවිට යේසුස්වහන්සෙත් බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවරවී,
තවද උන්වහන්සේ: සැබවක් සැබවක් නුඹලාට කියමි–ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බසිනවා නුඹලා දකිනවා ඇතැයි කීසේක.
එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය.
නුමුත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරගසා, තමුන්ගේ කන් වසාගෙන, එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස්,
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.
එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.
ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.