උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය.
ක්‍රියා 7:54 - Sinhala Revised Old Version ඔව්හු ඒ දේ ඇසූ විට, අනිනලද සිත් ඇතුව, ඔහුට විරුද්ධව දත්මිටිකෑවෝය. Sinhala New Revised Version ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. සිංහල කාලීන පරිවර්තනය ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට ව ඔහුට එරෙහිව දත්මිටි කන්නට වූහ. Sinhala New Revised Version 2018 ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. |
උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය.
නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.
එවිට රජ්ජුරුවෝ කථාකොට: මොහුගේ අත්පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමන්න; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි සේවකයන්ට කීවේය.
ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.
ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි කීවේය.
එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක.
ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සියලු අනාගතවක්තෘවරුන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි සිටිනවාත් නුඹලාම පිටත දමනු ලබනවාත් නුඹලා දකින කල, එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.