ක්‍රියා 7:22 - Sinhala Revised Old Version මෝසෙස් තෙම මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු ලැබ, තමාගේ වචනවලින් ද ක්‍රියාවලින්ද බලවත්ව සිටියේය. Sinhala New Revised Version මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය. සිංහල කාලීන පරිවර්තනය ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්‍රබලයකුව සිටියේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය. |
ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්‍රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්‍රයෙක්ව සිටිමියි නුඹලා ඵාරාවෝට කියන්නේ කොහොමද?
ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය.
මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක.