Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:23 - Sinhala Revised Old Version

23 ඔහු සතළිස් අවුරුදු වයසට ළංවූ කල ඉශ්‍රායෙල් පුත්‍රයන් වන තමාගේ සහෝදරයන් බලන්ට යන ලෙස ඔහුගේ සිතෙහි අදහසක් හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 “හතළිස්වන වියට පත් පසු, තම සහෝදර ජනතාව වන ඉශ්‍රායෙල්වරුන්ගේ වගතුග බලන්නට යෑමට මෝස‍ෙස්ට සිත් පහළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:23
18 හුවමාරු යොමු  

රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


මක්නිසාද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණවන තුරු උන්වහන්සේගේ කැමැත්ත කරන්ට එක්සිත්ව තමුන්ගේ රාජ්‍යය මෘගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමතිකෙරෙවුසේක.


සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.


මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.


කීප දවසකට පසු පාවුල් බාර්ණබස්ට කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාශකළාවූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිත්දැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය.


එවිට යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් පියවංශවල ප්‍රධානීහුද පූජකයෝද ලෙවීවරුද එනම් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගාන පිණිස යන්ට දෙවියන්වහන්සේ විසින් සිත් පොළොඹවනලද සියල්ලෝම සූදානම්වුණෝය.


තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවූ සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය.


තවද තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමීන්වහන්සේට පඬුරු ගෙනාවෝය.


මෝසෙස් තමාගේ මාමා වූ යෙත්‍රෝ වෙතට හැරීගොස්: මිසරයෙහි සිටින මාගේ සහෝදරයෝ තවම ජීවත්ව සිටින්නෝදැයි බලන පිණිස ඔවුන් වෙතට හැරීයන්ට මට අවසර දුනමැනවියි කීයේය. සමාදානයෙන් යන්නැයි යෙත්‍රෝ මෝසෙස්ට කීවේය.


ඉතින් නුඹලා ගැන එම උනන්දුකම තීතස්ගේ සිතට දුන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා.


ඔවුන් ඵාරාවෝට කථාකළ කල්හි මෝසෙස් අවුරුදු අසූවක්ද ආරොන් අවුරුදු අසූතුනක්ද වයස්ව සිටියෝය.


එකල ඔහු කෙනෙකුට අයුක්තියක් සිදුවෙනවා දැක, ඔහුට උදවුවී, මිසරයාට පහරදෙමින්, පීඩා වින්ද අයට යුක්තිය කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්