මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
ක්‍රියා 5:20 - Sinhala Revised Old Version නුඹලා ගොස් දේවමාළිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනඟට කථාකරන්නැයි කීවේය. Sinhala New Revised Version “යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය “ගොස්, දේව මාලිග මළුවේ සිටගෙන, මේ නව ජීවනය පිළිබඳ සම්පූර්ණ පණිවුඩය ජනතාවට පවසන්නැ” යි කීවේ ය. Sinhala New Revised Version 2018 “යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය. |
මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය.
නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.
එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.
නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිට එහිදී මේ වචනය ප්‍රකාශකරන්න. එනම්: ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ට මේ දොරටුවලින් ඇතුල්වන යූදාහි සියල්ලෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්‍රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.
උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.
උන්වහන්සේගේ අණ සදාකාල ජීවනය බවද දනිමි. එබැවින් මා කථාකරන දේ පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කථාකරමියි කීසේක.
සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.
මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.
ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.
සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.
ඔහු වනාහි නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලන්ද ගැළවීමට පමුණුවන්නාවූ වචන නුඹට කියන්නේයයි තමාට කී බවත් අපට දැන්වූයේය.
සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.