Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 17:8 - Sinhala Revised Old Version

8 මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මන්ද ඔබ මට දුන් ඔබගේ වචන මම ඔවුන්ට දුනිමි. ඒවා පිළිගත් ඔවුහු, මා ඔබ වෙතින්ම ආ වග සැබවින් ම දැන, ඔබම මා එවූ බව විශ්වාස කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 17:8
31 හුවමාරු යොමු  

මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.


දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.


ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනෑ නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන්වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාසකරමුයයි කීවෝය.


මක්නිසාද නුඹලා මට ප්‍රේමවූ බැවින්ද මා දෙවියන්වහන්සේ වෙතින් ආ බව විශ්වාසකළ බැවින්ද පියාණන්වහන්සේම නුඹලාට ප්‍රේමවනසේක.


එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.


පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව.


ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි.


යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක.


මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක.


මක්නිසාද මම මාගෙන්ම උපදවා කථා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කථාකළ යුතු දේ ගැනත් මට අණක් දී තිබේ.


සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.


ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්;


ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.


තවද, සහෝදරයෙනි, මම නුඹලාට දේශනාකළාවූ, නුඹලා පිළිගත්තාවූ, නුඹලා පිහිටා සිටින්නාවූ,


මෙසේ කෙළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය.


ඔබගේ වචනය සත්‍යතාවය. ඔබ මා ලෝකයට එවුවාක්මෙන්ම මමද ඔවුන් ලෝකයට යැවීමි.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.


රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න.


මක්නිසාද මම නුඹලාට භාරදුන් දේ ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි, එනම් ස්වාමිවූ යේසුස්වහන්සේ පාවාදෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන,


උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන්වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ.


මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.


මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.


මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.


මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන,


මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.


සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.


ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුන්නාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරණකොටගෙන තමන් මෙහෙකරුවූ යොහන්ට එය දන්වා එවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්