ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 23:31 - Sinhala Revised Old Version

මෙසේ හේවායන්ට අණකළ ප්‍රකාරයට ඔව්හු පාවුල් රැගෙන රාත්‍රියෙහි අන්තිපත්‍රිසට ගියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

හේවායෝ තමන් ලද නියෝගයට අනුව ක්‍රියා කරමින්, ඒ රාත්‍රියේ අන්තිපත්‍රිස් නගරය දක්වා තමන් සමඟ පාවුල් ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 23:31
5 හුවමාරු යොමු  

මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට–යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට–මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.


නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.


පසුවදා අසරුවන් ඔහු සමඟ යන්ට හැර, ඔව්හු කොටුවට හැරී ආවෝය.