බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.
ක්‍රියා 22:12 - Sinhala Revised Old Version එවිට ව්‍යවස්ථාව ප්‍රකාරයට භක්තිවන්තවූ, එහි වසන සියලු යුදෙව්වරුන් විසින් යහපත් කෙනෙකැයි කියනලද්දාවූ Sinhala New Revised Version “ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, සිංහල කාලීන පරිවර්තනය “එහිදී අනනියස් නම් කෙනෙක් මා දකින්නට ආවා. දහම් නියෝග බැතිමත්ව පිළිපදින්නකු වූ ඔහු, එහි වෙසෙන යුදෙව්වන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවෙක්. Sinhala New Revised Version 2018 “ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්, |
බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.
ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය.
ඔවුන්ගෙන් සමහරෙක්ද භක්තිවන්තවූ ග්‍රීක්වරුන්ගෙන් මහත් සමූහයක්ද ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කීපදෙනෙක්ද ඇදහීමට පමුණුවනු ලැබ, පාවුල් හා සීලස් සමඟ සමාගම් වූවෝය.
එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.
ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;
ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.
දෙමේත්‍රියස්ට සියල්ලන්ගේද සැබෑකමේද සාක්ෂිය ඇත්තේය. එසේය, අපිත් සාක්ෂිදෙමුව; අපේ සාක්ෂිය සැබෑ බව නුඹ දන්නෙහිය.