නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
ක්‍රියා 21:4 - Sinhala Revised Old Version ගෝලයන් සොයාගෙන එහි සත් දවසක් සිටියෙමුව. යෙරුසලමට යන්ට එපායයි ඔව්හු ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන පාවුල්ට කීවෝය. Sinhala New Revised Version අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. සිංහල කාලීන පරිවර්තනය එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ. Sinhala New Revised Version 2018 අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. |
නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
ඔහු සම්බව, අන්තියෝකියට කැඳවාගන ආවේය. තවද ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්: සමහර ගෝලයන් සම්බව:
ගෝලයන්ගෙන් සමහරෙක්ද කායිසාරියෙන් අප සමඟ ඇවිත්, බොහෝ කලක පටන් ගෝලයෙක්ව සිටියාවූ මිනාසොන් නම්වූ කුප්‍රසේ කෙනෙකු වෙත නවාතැන්ගන්ට අප කැඳවාගෙන ගියෝය.
එහිදී අපට සහෝදරයන් සම්බවී, තමුන් සමඟ සත් දවසක් නැවතී සිටින්ට ඔව්හු අපගෙන් ඉල්ලුවෝය. මෙසේ අපි රෝමයට පැමිණියෙමුව.