ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 21:2 - Sinhala Revised Old Version

එහිදී පෙනීකියට යන්නාවූ නැවක් සම්බව එහි නැගී පිටත්වුණෙමුව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

පිනීකිය වෙත යන නැවක් එහිදී හමු වූයෙන්, අපි එහි නැගී පිටත් වුණෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 21:2
5 හුවමාරු යොමු  

එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.


ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබුවාවූ අය යුදෙව්වරුන්ට මිස වෙන කාටවත් වචනය නොකියා, පෙනිකියද කුප්‍රසද අන්තියෝකියද දක්වා ගමන්කළෝය.


එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවූවෝය.


අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.


එහිදී සියයකට මුලාදෑනියා ඉතාලියට යන අලෙක්ෂන්ද්‍රියාවේ නැවක් දැක අප එහි නැංගෙවුවේය.