ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
ක්‍රියා 2:1 - Sinhala Revised Old Version තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. Sinhala New Revised Version තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. සිංහල කාලීන පරිවර්තනය පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක්ව සිටියහ. Sinhala New Revised Version 2018 තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. |
ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.
තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද නුඹ විසින් පැවැත්විය යුතුය.
ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි.
එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකොට, එක්සිත්ව උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.
මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්,
එසේ කළේ, හැකිවී නම් පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ සිටින්ට පාවුල් ඉක්මන්කළ බැවින්, ආසියාවෙහි කල්ගතකරන්ට නොවන පිණිස නැවෙන් එපීසය පසුකරයන්ට ඔහු නියමකරගන සිටි නිසාය.
ඔව්හු ඒ අසා එක්සිත්ව දෙවියන්වහන්සේට හඬනඟා: අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ස්වාමිනි,
ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.
අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්තවූහ. කිසිවෙක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයයි නොකීවේය; සියල්ල ඔවුන්ට පොදුවේ තිබුණේය.
තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුම සෙනඟ අතරේ කරනලද්දේය; ඔවුන් සියල්ලෝම එක්සිත්ව සාලමොන්ගේ ද්වාරමණ්ඩපයෙහි සිටියෝය.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.
නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.