ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 13:42 - Sinhala Revised Old Version

ඔවුන් නික්ම යද්දී එම වචන ඊළඟ සබත් දවසෙහිත් තමුන්ට ප්‍රකාශකරන ලෙස ඔව්හු ඉල්ලුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන් නික්ම යද්දී, ඊළඟ සබත් දවසෙහිත් එම වචන ප්‍රකාශ කරන ලෙස ඔව්හු ඉල්ලූ හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

පාවුල් හා බාර්ණබස් සිනගෝගයෙන් නික්ම යෑමට සැරසෙද්දී, ඊළඟ සබතේ ද මේ දෑ පිළිබඳව කතා කරන ලෙස, ජනයා ඔවුන්ට ඇරියුම් කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් නික්ම යද්දී, ඊළඟ සබත් දවසෙහිත් එම වචන ප්‍රකාශ කරන ලෙස ඔව්හු ඉල්ලූ හ.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 13:42
7 හුවමාරු යොමු  

නුඹට තේරුම්ගන්ට බැරි වචන ඇති, අන් භාෂාවක්ද අමාරු වචනද ඇති බොහෝ ජනයන් ළඟට නොවේ. සැබවින් ඔවුන් ළඟට මම නුඹ යැවුවොත් ඔවුන් නුඹට ඇහුම්කන්දෙනවා ඇත.


කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.


නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.


උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය.


එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.


නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය.


එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.