ඔව්හු නුඹ නිසා හිස් මුඩුකර, ගෝණි රෙදි ඇඳගෙන, ආත්මයේ ශෝකයෙන් තද විලාපයක් ඇතුව නුඹ ගැන අඬන්නෝය.
එළිදරව් 18:15 - Sinhala Revised Old Version ඈ කරණකොටගෙන පොහොසත්වූ මේ බඩු වෙළෙන්දෝ ඈ විඳින වධයට භයව, අඬමින් වැලපෙමින්, දුරින් සිට: Sinhala New Revised Version ඈ නිසා ධනවත් වූ, මේ බඩු විකුණූ වෙළෙන්දෝ ඈ විඳින දුක් පීඩාවට බයින් තැතිගෙන ඈතින් සිට: සිංහල කාලීන පරිවර්තනය මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත්ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත. Sinhala New Revised Version 2018 ඈ නිසා ධනවත් වූ, මේ බඩු විකුණූ වෙළෙන්දෝ ඈ විඳින දුක් පීඩාවට බයින් තැතිගෙන ඈතින් සිට: |
ඔව්හු නුඹ නිසා හිස් මුඩුකර, ගෝණි රෙදි ඇඳගෙන, ආත්මයේ ශෝකයෙන් තද විලාපයක් ඇතුව නුඹ ගැන අඬන්නෝය.
ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට–ස්වාමීන්වහන්සේට ස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති.
උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.
නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්,
රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද;
කුරුඳුද කුළු බඩුද සුගන්ධ ද්‍රව්‍යද තෛලද කට්ටකුමංචල්ද මුද්‍රිකපානයද තෙල්ද සිහින් පිටිද ධාන්‍යද ගවයන්ද බැටළුවන්ද; අශ්වයන් සහ රථද වහලුන්ද මනුෂ්‍යයන්ගේ ප්‍රාණද යන මේවාය.
නුඹේ ආත්මය ආශාකළ ඵල නුඹ කෙරෙන් පහව ගියේය, ශෝභනවූ ඉසුරුමත්වූ සියල්ල නුඹ කෙරෙන් විනාශවිය, මනුෂ්‍යයන්ට ඒවා තවත් සම්බ නොවේ.
ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය.
මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.