ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය.
එළිදරව් 14:18 - Sinhala Revised Old Version ගින්න කෙරෙහි බලය ඇත්තාවූ තවත් දේවදූතයෙක් පූජාසනයෙන් පිටත්ව ඇවිත්, මුවහත් දෑකැත්ත ඇතුව සිටිය තැනැත්තාට මහත් හඬකින් මොරගසා: නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට පොළොවේ මිදිවැලේ මිදිපොකුරු කපා රැස්කරන්න; මක්නිසාද මිදිපල හොඳට ඉදී තිබේයයි කීය. Sinhala New Revised Version එවිට ගින්න බාර ව සිටි තවත් දේව දුතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, “ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය ගින්න බාරව සිටි වෙනත් දේව දූතයෙක් පූජාසනය වෙතින් අවුත්, මුවහත් දෑකැත්ත ඇතිව සිටි දේව දූතයාට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු රැස් කරන්න; මන්ද එහි මිදි පල ඉදිලා” යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට ගින්න බාර ව සිටි තවත් දේව දූතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, “ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය. |
ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය.
එසේය, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.
සතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙවුවේය; එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙනලද්දේය.
තවත් දේවදූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පුකරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙනලද්දේය.