Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 16:8 - Sinhala Revised Old Version

8 සතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙවුවේය; එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ ය. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 හතර වන දේව දූතයා තම පාත්‍රය හිරු පිට වැගිරවී ය. ගින්නෙන් මිනිසුන් මතු පිටින් දවාලීමට ඊට බලය දෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ ය. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 16:8
11 හුවමාරු යොමු  

ගින්න කෙරෙහි බලය ඇත්තාවූ තවත් දේවදූතයෙක් පූජාසනයෙන් පිටත්ව ඇවිත්, මුවහත් දෑකැත්ත ඇතුව සිටිය තැනැත්තාට මහත් හඬකින් මොරගසා: නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට පොළොවේ මිදිවැලේ මිදිපොකුරු කපා රැස්කරන්න; මක්නිසාද මිදිපල හොඳට ඉදී තිබේයයි කීය.


ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.


නුමුත් ඉර උදාවූ කල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.


තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.


ඔහු පාතාලයේ වළ විවෘතකළේය; එවිට මහත් උදුනක දුම මෙන් දුමක් වළෙන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය.


සතරවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳනේ තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේය; මෙසේ වුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබළෙන පිණිසත්ය, රාත්‍රියත් එසේමය.


ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත.


උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,


ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.


එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්