එළිදරව් 1:12 - Sinhala Revised Old Version එකල මා සමඟ කථාකළ ශබ්දය කිමෙක්දැයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක්ද, Sinhala New Revised Version එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, සිංහල කාලීන පරිවර්තනය මට කතා කළ කටහඬ කිමෙක්දැයි බලන්නට මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් හතක් Sinhala New Revised Version 2018 එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, |
ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්,
ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ළය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් ද දුටිමි.
මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝය; පහන් රුක් සත නම් සභා සතය.
එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: තමන් දකුණතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන් රුක් සත මැද සක්මන්කරන්නාවූද තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.
ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.