ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 8:3 - Sinhala Revised Old Version

පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් සෙකරියාය. ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පනසක් ලියවුණෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය; ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පණසක් ලියාපදිංචි කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය; ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පණසක් ලියාපදිංචි කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න



එස්රා 8:3
7 හුවමාරු යොමු  

හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ යෙෂායාය. රෙපායාගේ පුත්‍රයෝය, අර්ණොන්ගේ පුත්‍රයෝය, ඔබදියාගේ පුත්‍රයෝය, ෂෙකනියාගේ පුත්‍රයෝය.


ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායාද ෂෙමායාගේ පුත්‍රයෝවූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපත් යන හදෙනාය.


ඉශ්‍රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායාය.


පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.


පාහත්මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත්‍රවූ එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක්ය.


සෙනඟගේ ප්‍රධානියෝවූ පාරොෂ්ද පාහත්-මෝවබ්ද ඒලාම්ද සට්ටුද බානීද;


පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑ දෙදෙනෙක්ය.